කොවිඩ් වසංගතය නිසා ඉන්දියාවේ ළමුන් දහස් ගණනකට මව්පියන් අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ දරුවන් ඉදිරියේදී අපයෝජන, නොසලකාහැරීම් වැනි තත්ත්වයන්ට ගොඳුරුවීමේ අධි අවදානමක් පවතින බව යුනිසෙෆ් සංවිධානයේ ඉන්දීය බලධාරීන් පවසයි.
කාන්තා හා ළමා සුභසාධන ඇමතිනී ස්ම්රිති ඉරානි පවසන අන්දමට අප්‍රේල් පළමු වැනිදා සහ මැයි 25 අතර කාලසීමාව තුළදී දරුවන් 577 දෙනෙකුට කොවිඩ් වසංගතය හේතුවෙන් මව්පියන් දෙදෙනාම අහිමි වී ඇති බවය.
කොවිඩ් වසංගතය තවත් දරුවන් දහස් ගණනකට මව හෝ පියා අහිමි කර ඇති බවද එම වාර්තාවල සඳහන් වේ.
එරට ජනාකීර්ණම ප්‍රාන්තය වන උත්තර් ප්‍රදේශ් හි පමණක් කොවිඩ් නිසා අසරණ වූ දරුවන් වෙනුවෙන් මධ්‍යස්ථාන දහසකට වැඩි ප්‍රමාණයක් පිහිටුවා ඇති බව ප්‍රාන්ත බලධාරීන් පවසයි.
ඉකුත් අප්‍රේල් 10 වැනිදායින් පසු ඉන්දියාවේ අඩුම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ගෙවුණු පැය 24 දී වාර්තා විය. ඒ 153,485 ක් ලෙසිනි.
කෙසේ වෙතත් තවමත් දෛනිකව ඉන්දියානුවන් 3,000කට වැඩි පිරිසක් කොවිඩ් ආසාදනයෙන් මියයයි.