දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිංහයෙකුට කොරෝනා වැළඳීම සමග සතුන් හරහා වෛරසය ආසාදනය වන බවට පැතිරයන ප්‍රකාශයන්වල සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.
එම සංගමයේ සභාපති වෛද්‍ය ඵරන්දික ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ මෙතෙක් සිදුකර තිබෙන පර්යේෂණයන්ට අනුව සතුන් ගෙන් වෛරසය ආසාදනය වන බවට මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි.
වෛද්‍ය ඵරන්දික ගුණවර්ධන මහතා,
“පශු වෛද්‍ය පීඨයේ අණුක විද්‍යා සහ ජෛව රසායන අංශයේ මහාචාර්ය ඩිලාන් සතරසිංහ මහතාගේ යටතේ දැනට මෙම PCR පරීක්ෂණ කෙරීගෙන යනවා. ජනතාවට දියයුතු පණිවුඩය තමයි තමුන්ගේ නිවසේ වාසය කරන සුරතල් සතුන්ගෙන් මෙම වෛරසය මිනිසාට බෝවිය හැකි අවස්ථාවක් ලෝකයේ මෙතෙක් වාර්තා වෙලා නෑ. නමුත් පරීක්ෂණ කෙරීගෙන යනවා.”