ආන්ඩුවේ ජනප්‍රසාදය ගැන අලුත්ම වාර්තාවක්..

ආන්ඩුවේ ජනප්‍රසාදය සම්බන්ධයෙන් අලුත්ම වාර්තාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බුද්ධි අංශ විසින් ලබා දී ඇති බව නෙත් ගුවන් විදුලිය වාර්තා කළේය.

ආණ්ඩුව සම්බන්ධයෙන් ප්‍රසාදයෙන් සිටි 3 – 4% අතර ප්‍රමාණයක් දිනපතා ආණ්ඩු හිතවාදී කමෙන් ඉවත් වෙමින් ඇති බව දැක්වෙන බවද වාර්තාවේ සදහන් කලේය.

සමගි ජන බලවේගය මේ වන විට සිය ජනප්‍රසාදය 17% කින් වර්ධනය කර ගෙන ඇත්තේ ඔවුන්ගේ ජනප්‍රියතාවය ඉහළ යාමක් නිසා නොව ආණ්ඩු විරෝධය නිසා බවද එම වාර්තාවේ සඳහන්ව තිබී ඇත.

විමල් වීරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමෙන් පසු ආණ්ඩුවට බලපාන ආකාරය හෝ ඔවුන්ට එකතු වන ඡන්ද ප්‍රමාණය ගැන නිරීක්‍ෂණ ඉදිරිපත් කිරීමට කල්වේලා මදි බව ද එම වාර්තාවේ සඳහන් කර තිබී ඇත.

Back to top button