හෙට සිට නැවතත් ජාත්‍යන්තර මගී ගුවන් යානා මෙල්බර්න් නුවරට.. පලමු ගුවන් යානය කටුනායක සිට..

විදේශයන්හි රැදී සිටින ඕස්ට්‍රේලියානු පුරවැසියන් සහ ස්තිර පදිංචි කරුවන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ හෙට සිට නැවත ආරම්භ කරන බව වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩබලන පොලිස් ඇමති ඩැනී පියර්සන් මහතා පැවසුවා.

මෙසේ පැමිණෙන මගීන් නිරෝධායනය කිරීමට දැඩ් ‍නීති මැද මෙල්බර්න්හි හෝටල් හයක් වෙන් කරන බවත් ඒ මහතා සදහන් කළා.

පසුගිය පෙබරවාරි 14 වැනි දින සිට කිසිදු ජාත්‍යන්තර මගී ගුවන් යානයක් මෙල්බර්න් වලට පැමිණියේ නැහැ.

මේ අනුව පලමු ජාත්‍යන්තර මගී ගුවන් යානය කොළඹ කටුනායක ගුවන් තොටුපලේ සිට පැමිනෙණ අතර එය හෙට (08) අලුයම 4.30 ට මෙල්බර්න් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ලගා වීමට නියමිතයි. තවද හෙට දින සිංගප්පූරුව, දෝහා, අබුඩාබි සහ ඩුබායි යන නගර සිටද මගී ගුවන් යානා පැමීණීමට නියමිතයි.

Back to top button