හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටි එල්. ටී. ටී. ඊ. සිරකරුවන් වෙත සිදුකළැයි කියන අයුතු බලපෑම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා වන පරීක්ෂණ මණ්ඩලයේ සභාපතිනිය ලෙස විශ්‍රාමික විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය පත්කර තිබෙනවා .
අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.
.