මෙම අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලය වෙත ඉන්ධන සැපයීම IOC සමාගම විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ පැවසුවේ මේ මොහොතේ අතිරේක ඉන්ධන සංචිත නොමැති බව පවසමින් ඔවුන් මේ බව පැවසූ බවය.
අද කොළඹදී පැවති සාකච්ඡාවේදී එම සමාගමේ නිලධාරීන් මේ බව දැනුම්දී තිබේ.
කෙසේ වෙතත් අද පස්වරුව වන විට කොළඹ වරායේ ඇති තෙල් නැවෙන් ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සපයාගත හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
එම මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් මහබැංකු අධිපතිවරයා සමග ද සාකච්ඡා කළ බවය.
මේ අතර එම ඉන්ධන නැව නිදහස් කිරීමට අපොහොසත් වුවහොත් ආසන්න වශයෙන් පැය එකහමාරක කාලයක් විදුලිය විසන්ධි කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවසීය.
මේ අතර එසේ විදුලිය විසන්ධි වීමක් සිදුකරන්නේ නම් ඒ සඳහා කාලසටහනක් සකස් කරන ලෙස මේ වනවිටත් බලධාරීන්ට දැනුම් දී ඇත.
එසේම ඉන්ධන අරබුධය හේතුවෙන් කැළණිතිස්ස බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක් මේ වනවිට ක්‍රියා විරහිත තිබේ