දිස්ත්‍රික්ක තුනක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කෙරේ..

කළුතර, ගම්පහ සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක තුනට අයත් ග්‍රාම නිලධාරී වසම් 8ක් අද (26) රාත්‍රී 8.00 සිට ක්‍රියාත්මක වන පරිද හුදෙකලා කිරීමට තීරණය කර ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ කොටදෙණියාව පොලිස් වසමේ පොල්හේන, හීරලු ගෙදර සහ කලුඅග්ගල ග්‍රාම නිලධාරී බල ප්‍රදේශ,
මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ අස්වෙන්නවත්ත නැගෙනහිර හුදෙකලා කෙරෙනු ඇති.

කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න පොලිස් වසමේ, මිරිස්වත්ත, පැලවත්ත නැගෙනහිර සහ පැලවත්ත උතුර යන ග්‍රාමසේවා වසම් අද රාත්‍රීයේ සිට හුදකලා කිරීමට නියමිතයි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, ත්‍රිකුණාමල පොලිස් බල ප්‍රදේශයේ බූම්බුහාර් ග්‍රාම නිලධාරී වසම ද හුදකලා කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
මීට අමතරව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ද හුදකලා කෙරෙනු ඇති.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button