වසර 12ක් අඛණ්ඩව ඊශ්රායල අග්රාමාත්ය ධුරය හෙබවූ බෙන්ජමින් නෙතන්යාහුට පාලන බලය අහිමි කරමින් විපක්ෂ දේශපාලන කණ්ඩායම් 8කින් යුත් සන්ධානය පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දය ලබා ගනිමින් නව ආණ්ඩුවක් පිහිටුවිමට පියවර ගෙන ඇත.
මේ අනුව ඊශ්රායලයේ නව අගමැතිවරයා ලෙස දක්ෂිණාංශික යමිනා පක්ෂයේ ප්රධානී නෆ්තාලි බෙනට් ලැපිඩ් 2023 වසර තෙක් දිවුරුම් දී තිබේ.
ඉන් අනතුරුව තවත් වසර දෙකක් සඳහා යෙෂ් ආටීඩ් පක්ෂයේ නායක යාර් ලැපිඩ් පත්වීමට නියමිතයි.
1996 සිට 1999 වසර දක්වා, පළමුවරට බෙන්ජිමින් නෙතන්යාහු ඊශ්රායලයේ අගමැති ධුරය හොබවා තිබේ.
පසුව ඔහු 2009 සිට මේ දක්වා වසර 12ක කාලයක් අඛණ්ඩව ඊශ්රායලයේ පාලන බලය හෙබවීය.