ඉතාලියේ වෙරෝනා නගරයේදී සිය දියණියන් දෙදෙනාව ඝාතනය කළ බවට සැකකෙරෙන ශ්‍රී ලාංකික මව සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
එම දියණියන් දෙදෙනා වයස අවුරුදු 3ක් සහ 11ක් වශයෙන් වූ බව සඳහන් වෙයි. ඔවුන්ව හුස්ම හිරකර ඝාතනය කර ඇති බව පැවසිනි.
සැකකාර කාන්තාවගේ නමද ඉතාලි මාධ්‍ය වාර්තා කර තිබුණි. මෙම ඝාතනවලට හේතුව හෙළිවී නොමැත.
.