ලංකාවේ සිට ඉතාලියට පැමිණෙන පුද්ගලයින් සඳහා ඉතාලි බලධාරීන් මැයි 30 වනදා තෙක් පනවා තිබූ තහනම, ජුනි 21 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.
ඉන්දියාවේ පැතිරයන B.1.617 කොරෝනා වෛරස් ප්රභේදය තම රටට ඇතුළු වීම වැළැක්වීම සඳහා ඔවුන් එම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්ය සඳහන් කරයි.
එම සංචාරක තහනම ඉන්දීය සහ බංග්ලාදේශ වැසියන් සඳහා ද ක්රියාත්මක නමුත් ඉතාලි ජාතිකයින් සඳහා අදාළ නොවන බවද එරට බලධාරීන් පැවසීය.
ඉතාලි බලධාරීන් විසින් අප්රේල් මස අග භාගයේදී කොවිඩ් පාලනය සඳහා මුල්වරට එම තහනම හඳුන්වා දී තිබුණි.