වසර දෙකක් වසා තිබූ ජපාන දේශ සීමා විවෘත කෙරේ..

කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසර 02 කට ආසන්න කාලයක් වසා දමා තිබූ ජපාන දේශ සීමා රටවල් 98 ක සංචාරකයන් වෙනුවෙන් අද(28) නැවතත් විවෘත කර තිබේ.

කෙසේවෙතත් ඇතැම් සංචරණ සීමා තවදුරටත් බලාත්මක බව ජපානය සඳහන් කරයි. සංචරණ සීමා හමුවේ 2020 ඔලිම්පික් උළෙලට පවා ජාත්‍යන්තර නරඹන්නන් ගෙන්වීමට ජපානය අවසර දී තිබුණේ නැහැ.

කොවිඩ් වසංගතය පාලනයට වඩාත් දැඩි සීමා පැණවු රටක් ලෙස ජපානය සැළකේ. ජුනි 10වැනිදා සිට සංචාරක කණ්ඩායම්වලට රට තුළට ඇතුළු වීමට අවසර ලැබේ.

කෙසේ වෙතත්, ජපානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව, එක්සත් රාජධානිය ඇතුළු රටවල් සහ කලාප 100 කට ආසන්න ප්‍රමාණයක් අවදානම් කාණ්ඩ තුනකට බෙදා ඇත. ‘රතු, කහ සහ නිල්’ එමඟින් අමුත්තන්ට නිරෝධායන පියවරයන් මඟ හැරිය හැකිද නැද්ද යන්න තීරණය කරනු ඇත.

Back to top button