‘කොවිඩ් 19 ඩෙල්ටා’ විකෘතියේ බලපෑම හේතුවෙන් මේ වනවිට ජපානයේ ප්‍රාන්ත 21 ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ප්‍රාන්ත අතර අතර සංචරණ සීමා පනවා ඇති අතර සියලු දෙනාට හැකි සෑම විටම නිවෙස්වලට වී සිටින්නැයි සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී තිබේ.
ලබන සැප්තැම්බර් 12 වැනිදා තෙක් හදිසි තත්ත්වය ක්‍රියාත්මක වනු ඇති බව ද පැවැසෙයි. හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇත්තේ, ‘ඩෙල්ටා’ ව්‍යාප්තිය පාලනය කර ගැනීමේ අරමුණින්ය. ගතවුණු පැය 24 ඇතුළත ජපානයෙන් වාර්තා වූ නව ආසාදිතයන් ගණන 21,500 කි. මරණ වාර්තා වූයේ 42 ක් ලෙසය.
මේ වනවිට ජපානයේ සමස්ත ආසාදිතයන් ගණන මිලියන 1්34 ක් තෙක් ඉහළ ගොස් තිබේ. මරණ වාර්තා වන්නේ 15,700 ක් ලෙසය. දැඩි සත්කාර ඒකකවල ජීවිතයත් මරණයත් අතර සටන් වදින කොරෝනා රෝගීන් ගණන 2,000 ක් බව ද පැවැසෙයි.
(රොයිටර්)