කොළඹට ආපු ජපාන යුද නෞකා..

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත්, බහුකාර්ය ඩිස්ට්‍රෝයර් නෞකාවක් වන ‘KAGA’, සහ ‘MURASAME’ හා ‘FUYUZUKI’ යන ඩිස්ට්‍රෝයර් නෞකා ත්‍රිත්වය ඊයේ (2021 ඔක්තෝබර් 02) නිළ සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම යුද නෞකාවන් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ‘FUYUZUKI’ යන යුද නෞකාව දිගින් මීටර 151 සහ නැවි මුළු 220ක ගෙන් සමන්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් OSE Koichiro කටයුතු කරනු ලබයි. මෙම නෞකාව සැපයුම් අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව අද (2021 ඔක්තෝබර් 03) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

තවද, ‘KAGA’ යුද නෞකාව දිගින් මීටර 248ක් සහ නැව් මුළුව 210ක ගෙන් සමන්විත වන අතර එහි අණදෙන නිලධාරී ලෙස කපිතාන් Nishida Satoshi කටයුතු කරනු ලබයි. ‘MURASAME’ යුද නෞකාව දිගින් මීටර 151ක් සහ 200ක නැව් මුළුවකින් සමන්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කපිතාන් Kashiwagi Yuichirou කටයුතු කරනු ලබයි.

Back to top button