ජොනී පිටව යයි..

මැයි 09 වනදා අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉන් පිටව ගොස් තිබෙනවා.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට ගාලු මුවදොර අරගලකරුවන් පිරිසක් විසින් අද දහවල් විරෝධතාවයක් ආරම්භ කර තිබුණා.

Back to top button