වසා දැමුණු කොළඹ -මහනුවර පාර එක් මං තීරුවකට සීමා වෙයි..

නාය යාමේ අවදානමෙන් වසා දැමුණු මහනුවර කොළඹ මාර්ගය ඊයේ (11) පස්වරු 1 ට යළි විවෘත කෙරුනු බව කෑගල්ල දිසා ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පැවසීය.

මාර්ගය පොදු ප්‍රවාහනය සඳහා පමණත් එක් මං තීරුවක් විවෘත කෙරුනු බවද බර වාහන ගමන් කිරීම සපුරා තහනම් බවද දිසා ලොකම්වරයා සඳහන් කළේය.

වැසි යළි ඇතිවුවහොත් මාර්ගය වසා දැමීමට කටයුතු කරන බවද හෙතෙම කීවේය.

Back to top button