මෙවර උසස් පෙළ ප්‍රතිපල නිකුත් වන විට A 2යි-B 1ක් වශයෙන් ජීව විද්‍යා අංශයෙන් විශිෂ්ට ප්‍රතිපල ලබා සිය දිස්ත්‍රික්කයෙන් පළමුවැනියා වූ සිසුවියක් ඇගලුම් කම්හලක රැකියාවේ නිරතව සිටින බව වාර්තා වේ.
මෙසේ විශිෂ්ට ප්‍රතිපල ලබා දිස්ත්‍රික්කයෙන් පළමුවැනියා වී ඇත්තේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ මහේෂ්වරන් කල්‍යාණිය.
පස් දෙනකුගෙන් යුතු පවුලේ අගහිගකම් හේතුවෙන් කල්‍යාණි උසස් පෙළ විභාගයෙන් පසු ඇගලුම් කම්හලක රැකියාවට ගොස් තිබේ.
ප්‍රතිපල දැනුම්දෙන විටද ඇය රැකියාවේ නිරතව සිට ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් ඇය සරසවි පිවිසෙන තෙක් ඇගලුම් කම්හලේ රැකියාව කිරීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට තිබේ.