ප්‍රවීණ නර්තන ආචාර්ය කුලසිරි බුදවත්ත මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා මියයන විට 71 වන වියේ පසුවිය.
මෙරට නර්තන කලා කෙත පෝෂණය කිරීම සඳහා ඉතා විශිෂ්ට සේවාවක් සිදුකළ නර්තන ආචාර්යවරයෙකු ලෙස කුලසිරි බුදවත්ත මහතා සැලකෙයි.
වර්තමාන නර්තන ක්ෂේත්රයේ සිටින බොහෝ නර්තන ශිල්පීන් කුලසිරි බුදවත්ත මහතා යටතේ අධ්‍යාපනය හදාරා තිබේ.
දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි කුලසිරි බුදවත්තයන් සිය අවසන් කාලයේ ගල්කිස්ස කලාපුරයේ පිහිටි නිවසේ ජීවත් විය.