ක්‍රිකට් වෙනුවට මහපාරේ සිගරට් ගැසූ කුසල්-දික්වැල්ල කණ්ඩායමෙන් පන්නයි..

ආරක්ෂක බුබුලෙන් පිට පැන එංගලන්තවේ වීදියක් අසල සිගරැට් බීමට උත්සාහ කළ ශ්රී ලංකා ක්රිකට් පිලේ උප නායක කුසල් මෙන්ඩිස් සහ කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල වහාම කණ්ඩායමෙන් ඉවත්කර මෙරටට ගෙන්වීමට ශ්රී ලංකා ක්රිකට් බලධාරීන් තීරණය කර ඇත.
 
මෙම ක්රීඩකයින් දෙදෙනා ලන්ඩනයෙන් මෙරට බලා එන පළමු ගුවන් යානයෙන්ම හරවා එවිය යුතු බවට ක්රිකට් කළමනාකාරීත්වයට දැනුම් දී ඇති බවද දැනගන්නට ඇත.
 
මේ සම්බන්ධයෙන් ශ්රී ලංකා ක්රිකට් ආයතනය පැවසුවේ ඔවුන් මෙරටට ගෙන්වීමෙන් පසු අදාල සිද්ධිය සම්බන්ධයෙන් දැඩි විනය ක්රියාමාර්ගයක් ගන්නා බවයි.
 
එමෙන්ම මෙලෙස ක්රීඩකයින් ජෛව ආරක්ෂක බුබුලෙන් පිටතට යැවීම සම්බන්ධයෙන් කණ්ඩායම් කළමනාකාරීත්වයෙන් කරුණු විමසා වාර්තාවක් කැඳවීමට ද ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වේ.
 
තවද මොවුනට අදාල වීඩියෝව සමාජ මාධ්ය තුළ පළකළ නසීර් නිස්තාර් වීඩියෝව සමගින් අපූරු සටහනක් එක්කර තිබුණි.
 
“ දැකල පුරුදු මුහුණු දෙකක් ඩර්හැම්වලිදී අද රාත්රියේදී දැක ගැනීමට අවස්ථාව ලැබුණා. ඔවුන් තම සංචාරයේ විනෝද වෙනවා. ඔවුන් ඇවිත් තිබෙන්නේ ක්රිකට් ක්රීඩා කරන්න නෙමෙයි. මේ වීඩියෝව ගත්තේ ඉරිදා රාත්රී 11.28ට. මේ ක්රීඩකයන්ගේ දුර්වල ක්රීඩාවිලාශයක සිටියදීත් ඩර්හැම් රාත්රියක විනෝදවීමට අමතක කර නෑ.
 
ශ්රී ලංකා ප්රේක්ෂකයන් බොහෝ පිරිසක් අඟහරුවාදා දිනයේදී ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට සහාය දැක්වීමට සැලසුම් කර තිබෙනවා. ඔවුන් එංගලන්තයේ සෑම ප්ර දේශයකම සිට තරගය බලන්න එන්න ඉන්නේ. ඒත් අවාසනාවකට මේ ‘විගඩයින්’ මෙහේ ඇවිත් තිබෙන්නේ ශ්රී ලංකා ක්රිකට්වලට හෝ ප්රේක්ෂකයන්ට සේවය කිරීමට නෙමෙයි”

Back to top button