බ්‍රිතාන්‍යයේ රූ රැජින ලංකාවට එයි – ලෝක කිරුළ දිනුවොත් කොටසක් දෙන්න ලංකාවේ පිරිසක් සොයයි..

බ්‍රිතාන්‍යයේ අන්තර්ජාතික රූ රැජින කිරුළ හිමි කර ගත් එවැන්ජලින් එල්ක්මැනර් මෙනවිය ශ්‍රී ලංකාවේ විශේෂ සංචාරයක් සදහා අද(03) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඇයගේ මෙම සංචාරය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මගින් කර තිබුණි .මෙරට රැඳි සිටින කාළය තුළ දී ඇයගේ ධන පරිත්‍යාගයෙන් ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන සමාජ සත්කාරක ව්‍යාපෘති ගණනාවක් අධීක්ෂණය කිරීමට නියමිතය.

එම ව්‍යාපෘති අතර ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන් සදහා නිවාස ව්‍යාපෘතියක් සහ ශ්‍රී ලංකාවේ පාසැල් දරුවන් සදහා වූ ව්‍යාපෘතියක් ද, ලෝකයේ දේශගුණික විපර්යාසයන්ට එරෙහිව නැගී සිටීමේ ව්‍යාපෘතියක් ද වේ.

මීට අමතරව බ්‍රිතාන්‍යයේ සංචාරකයන්ට ශ්‍රී ලංකාව පිළිබඳව ධනාත්මක ආකල්පයන් ඇති කිරීම ද මෙම සංචාරයේ තවත් අරමුණක් වී තිබේ.

එවැන්ජලින් එල්ක්මැනර් මෙනවිය මෙම වසරේ ඔක්තෝබර් මාසයේ ජපානයේ ටෝකියෝ හී දී පැවැත්වීමට නියමිත 60 වන ලෝක අන්තර්ජාතික රූ රැජින තරගාවලිය සදහා බ්‍රිතාන්‍යය නියෝජනය කරමින් සහභාගී වීමට නියමිතය.

එහිදී ඇය ජයග්‍රහණය කළහොත් ඇයට හිමි වන ත්‍යාග මුදලින් 20% ක් ශ්‍රී ලංකාවේ දිළිදු ජනතාව සදහා වූ ව්‍යාපෘති කීපයක් ක්‍රියාත්මක කිරීම සදහා වැය කිරීමට සූදානමින් සිටින බව ද ඇය කටුනායක ගුවන් තොටුපළේ දී අනාවරණය කළාය.

Back to top button