රිය අනතුරකින් පාදය අහිමි බුත්තල කටුගහගල්ගේගම කණිෂ්ඨ විද්‍යාලයේ 7වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සඳරු ඩිල්ෂාන් සිසුවාට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියගේ සුරතින් පසුගියදා අරලියගහ මන්දිරයේ දී කෘතීම පාදයක් පිරිනැමිණි.
කෘතිම පාදයක් මිලදී ගැනීම සඳහා මුදල් සොයා ගැනීමට තමන් පාසල් කාලයෙන් පසු මිරිස් වගා කළ බවත්, කටුගහගල්ගේගම කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ඩී.එම්.එස්.එස්. දිසානායක මහතා මේ බව දැනගෙන අග්‍රාමාත්‍ය ආර්යාව දැනුවත් කිරීමෙන් අනතුරුව තමන්ට කෘතීම පාදයක් ලැබුණු බවත් සඳරු ඩිල්ෂාන් සිසුවා සිය සතුට පල කරමින් කියා සිටියේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී සඳරු ඩිල්ෂාන් සිසුවාගේ සුව දුක් විමසමින් ඔහුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා සුබ පැතුම් එක් කළේය.