සනත් නිශාන්ත අත්අඩංගුවට..

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. කොල්ලුපිටිය සහ ගාලුමුවදොර ආශ්‍රිතව පසුගිය 09 වනදා අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් නම්කර සිටි සැකකරුවන් අතර ඒ මහතාගේ නම ද සඳහන් විය.

අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් මෙතෙක් හඳුනාගෙන ඇති සැකකරුවන් 22ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එලෙස ලිපියක් මඟින් දන්වා තිබුණි.

එම සැකකරුවන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, මිලාන් ජයතිලක, සංජීව එදිරිමාන්න පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් යන අයගේ ද නම් සඳහන් කර තිබුණි.

එම සැකකරුවන් 22 සම්බන්ධයෙන් ඝෘජු, අවස්ථානුකූල සහ තාක්ෂණික සාක්ෂි ඇත්නම් ඔවුන්ව හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

එසේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට එරෙහිව අපරාධ නීති සංග්‍රහය යටතේ නඩු පවරන ලෙසද නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වයි.

එම සැකකරුවන්, ඔවුන්ගේ දන්නා ලිපිනයන්හි සොයා ගැනීමට නැතිනම්, ඒ සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් කළ යුතු බවත් එසේම ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සඳහා මහෙස්ත්‍රාත්වරයෙක් මගින් විවෘත වරෙන්තු ලබාගත යුතු බවත් අද (16) යොමුකර ඇති එම ලිපියේ දැක්වෙයි.

නැතහොත් එසේ නියමිත ලිපිනයන්හි සොයාගත නොහැකි සැකකරුවන්ව අත්අඩංගුවට ගැනීමට මහජන සහාය වුවද ලබාගැනීමට කටයුතු කළ යුතුය.

එම ලිපියේ සඳහන් සැකකරුවන් මෙසේය,

01. පා.ම ජොන්ස්ටන් ප්‍රනාන්දු
02. පා.ම සනත් නිශාන්ත
03. පා.ම සංජීව එදිරිමාන්න
04. පා.ම මිලාන් ජයතිලක
05. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන්
06. ඩෑන් ප්‍රියසාද්
07. මහින්ද කහඳගම
08. නාලක විජේසිංහ
09. බන්දුල ජයමාන්න
10. දිනෙත් ගීතක
11. සමන්ලාල් ප්‍රනාන්දු
12. අරාබි වසන්ත
13. සුභාෂ් (දෙහිවල නගර සභාව)
14. අමල් සිල්වා
15. සමීර චතුරංග ආරියරත්න
16. රුවන් වැල්ලේ රමණී
17. තුෂිත රණබාහු
18. සජිත් සාරංග
19. පුෂ්පලාල් කුමාරසිංහ
20. නිශාන්ත මෙන්ඩිස්
21. පුෂ්පකුමාර (හිටපු හමුදා සෙබළ)
22. සවීන් ප්‍රනාන්දු (වෙන්නප්පුව)

Back to top button