පදක්කම් රැසක් දිනාගත් මළල ක්‍රීඩිකාව දිවි නසා ගනී..

කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් රැසක් දිනාගත් කෞෂල්‍යා මධූෂානි සියදිවි හානිකර ගෙන තිබේ.

අන්තර් ජාතික මලල ක්‍රීඩා තරග නියෝජනය කළ ඇය කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි ක්‍රීඩිකාවකි.

අප කළ විමසීමකදී කුලියාපිටිය පොලීසිය පැවසූවේ, ඇය සිය නිවස තුළදී ගෙල වැලලාගෙන ඇති බවය.

ඇය මීටර් 400 කඩුලු මතින් දීවිමේ තරග ඉසව් කිහිපයක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතර, එහිදී පදක්කම් රැසක් දිනාගෙන තිබේ.

මීටර් 400 කඩුලු මතින් දිවීමේ, 2014 ආසියානු කණිෂ්ට ශූරතාවයේ රිදී පදක්කම, 2016 දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී ලෝකඩ පදක්කම, 2016 මීටර් 400 කඩුලු මතින් දිවීමේ ජාතික ශූරතාවයේ රන් පදක්කම හා 2019 වසරේදී නේපාලයේ පැවැති 13 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ රිදී පදක්කම ද ඇය විසින් දිනාගෙන ඇත.

Back to top button