ඖෂධ ගන්න ජපානයෙන් දෙන ආධාර යුනිසෙෆ් හරහා..

ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින ඖෂධ හිඟය විසදා ගැනීම වෙනුවෙන් ජපානය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක ආධාරයක් කිරීමට නියමිතය.

කෙසේ වෙතත් මෙම මුදල් ඔවුන් ශ්‍රී ලංකා රජය වෙත සෘජුවම ලබා නොදෙන අතර යුනිසෙෆ් ආයතනය හරහා එම මුදල් ලබාදෙයි.

ගැබිනි මව්වරුන්, ළමයින් ඇතුළු පිරිසකට අවශ්‍ය ඖෂධ වෙනුවෙන් මෙම මුදල් වෙන්කරයි.

Back to top button