පවතින තත්ත්වය මත යුක්රේන ජාතිකයින් ඇතුළු විදේශිකයින් විශාල සංඛ්‍යාවක් පෝලන්තයට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින නිසා දේශසීමා මුරපොළ අසළ දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි පෝලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනී ධම්මිකා කුමාරි සේමසිංහ කියා සිටියේ.
මෙනිසා යුක්‍රේනයෙන් ගැලවී පැමිණීමට සිටින ලාංකිකයන්ට අපහසුතා ඇති විය හැකි බවයි වාර්තා වන්නේ.
යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයින් 37 දෙනෙකු දේශසීමාව හරහා පෝලන්තයට පැමිණීමට කැමැත්ත පළ කර තිබෙනවා.
මාර්තු 1, 2022