ඉන්දීය ප්‍රවීණ ගායන ශිල්පිණි ලතා මංගෙෂ්කාර් ට කොවිඩ් ආසාදනය වී තිබේ.
මේ වන විට ඇය මුම්බාහි රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ලතා මංගෙෂ්කාර් 92 හැවිරිදි වියේ පසුවන අතර “nightingale of India” යන නාමයෙන් හඳුන්වනු ලබයි.
92 හැවිරිදි වියෙහි පසුවන අසහාය ගායිකාව දශක 07කට අධික කාලයක් පුරා සංගීත ක්ෂේත්‍රයේ රැඳී සිටිමින් ගායනා කර ඇති ගීත සංඛ්‍යාව 25000කට අධිකයි.
එය තනි ගායකයෙකු හෝ ගායිකාවක විසින් ගායනා කර ඇති වැඩිම ගීත සංඛ්‍යාවට හිමි ලෝක වාර්තාව ද වනවා.
ඇය මුම්බායිහි බීච් කැන්ඩි පෞද්ගලික ආරෝග්‍යශාලාවේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.