ලිට්‍රෝ ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම අත්හිටුවයි..

නැවත දැනුම්දෙනතුරු ගෑස් බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ.

ගෑස් ප්‍රමිතිය සම්බන්ධයෙන් නිසි සහතිකයක් ලැබෙන තෙක් ගෑස් බෙදාහැරීම තාවකාලිකව නතර කිරිමට පියවර ගත් බව එම සමාගම පැවසීය.

අදාළ පාර්ශව විසින් සිදුකරනු ලබන පරික්ෂණ වලින් අනතුරුව යළිත් බෙදාහැරීම් කටයුතු ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

දිවයිනේ ප්‍රදේශ රැසකින් දිගින් දිගටම වාර්තා වන ගෑස් ආශ්‍රිත පිපිරීම් හා කාන්දු වීමේ සිද්ධින් පිළිබද අවදානය යොමු කරමින් ලිට්‍රෝ සමාගම මෙම පියවර ගෙන තිබේ.

Back to top button