මේ දවස්වල ලංකාවට පැමිණෙන මගීන් සම්බන්ධයෙන් ගුවන් තොටුපලේ සිදුකෙරෙන ක්‍රියාවලිය කෙසේදැයි දැනසිටීම ප්‍රයෝජනවත් විය හැකියි.
මෑතක්වනතුරු ගුවන් යානයෙන් බැහැල ඉමිග්රේෂන් එකට යාමටත් පෙර තිබුණු හෙල්ත් කවුන්ටර එතනින් ඉවත්කර, ඔක්තෝබර් 4 දින සිට ඩියුටි ෆ්‍රී එකෙනුත් එහා කස්ටම් පෙදෙසට පෙර ස්ථානගතකොට තිබෙනවා.
එහි සිටින PHI මහත්තුරු පැමිණෙන මගීන්ගේ
1. වැක්සිනේෂන් කාඩ්පත
2. පී. සී. ආර්. වාර්තාව සහ
3. මගීන් විසින් පුරවා දියයුතු හෙල්ත් ඩික්ලරේෂන් පෝර්මය පරීක්ෂා කරනු ලබනවා.
ඒ අනුව එන්නත් දෙකම ලබාගෙන, සති දෙකක් ගත වී ඇති මගීන්ගේ හෙල්ත් ඩික්ලරේෂන් පෝර්මයේ මගියාට ආපසු දෙන කොටසේ රතුපාට සීල් එකක් ගැසීම සිදුකරනු ලබනවා.
ඉන්පසු ඔහුට ඩියුටි ෆ්‍රී සාප්පවලින් භාණ්ඩ මිලදීගෙන කස්ටම් හරහා ගොස් නිවෙස් වෙත යා හැක.
එන්නත් දෙකම ලබාගෙන නැති සහ එන්නත් දෙකම ලබාගත්තත් ඉන් පසු සති දෙකක් ගත වී නැත්නම් එම මගීන්ගේ හෙල්ත් ඩික්ලරේෂන් පෝර්මයේ මගියාට ආපසු දෙන කොටසේ PHI මහත්තුර නිල්පාට සීල් එකක් යොදන අතර එවැනි මගීන්ට ඩියුටි ෆ්‍රී සාප්පුවලින් බඩු මිලදීගත නොහැකිය.
ඊට අමතරව එම මගීන්ට රජය ලබාදෙන ගුවන් තොටුපළ ආසන්න හෝටලයක නිරෝධායනයේ යෙදීමට හා PCR පරීක්ෂණයක් සදහා යාමට සිදු වේ.
එන්නත් දෙකම ලබාගෙන එහෙත් සති 2 සම්පූර්ණ කර නොමැති මගීන්ට සති 2 සම්පූර්ණ වන ඉතුරු දවස් ගණන එම හෝටලයක නිරෝධායනයේ යෙදීමට සිදුවේ. මේ සදහා ගාස්තු අය කෙරේ.
මේ දිනවල පැමිණෙන මගීන්ගෙන් 98% ක් ම සෞඛ්‍යය අවශ්‍යතා සම්පූර්ණ කර තිබෙන නිසා ගුවන්මගී පැමිණීම සාමාන්‍යකරනය වෙමින් පවතිනවා.
විදේශ සංචාරක පැමිණීම ද වැඩිවෙමින් තිබේ. කෙසේ වෙතත් 2020 මාර්තු ඇරඹි කොවිඩ් ප්රතික්ෂාවට පෙර තත්ත්වයට සංචාරක පැමිණීම සිදුවීමට 2023 අවසන් මාස කීපය දක්වා බලාසිටීමට සිදුවනු ඇත.
ලිපිය සම්පාදනය කළේ සමන් වීරසිංහ මහතා.