විපක්‍ෂනායක ධූරය භාරගෙන කාගෙවත් බඩට ගැසීමේ අවශ්‍යතාවයක් නෑ – හිටපු ජනාධිපති සිරිසේන..

විපක්‍ෂනායක ධූරය භාරගෙන කාගෙවත් බඩට ගැසීමේ අවශ්‍යතාවයක් තමන්ට නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වී විපක්‍ෂනායක ධූරය භාරගන්නා බවට පැතිර යන කතාවන්හි කිසිඳු සත්‍යතාවයක් නැතැයි ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ඊයේ (21) පැවති සම්මාන උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

පසුගිය කාලයේ නැගූ හඬ දැන් යටපත් වී තිබෙන්නේ ඇයිදැයි මෙහිදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ තවත් දිස්ත්‍රික්ක පහ හයක පක්‍ෂ සම්මන්ත්‍රණ පැවැත්වීමට නියමිත බවත්, ඒවායේදී යළිත් සද්දය ඇසෙනු ඇති බවත්ය.

මධ්‍යම කාරක සභාව අද (22) රැස්වන්නේ විශේෂ තීරණයක් ගැනීමට නොවන බවත් එය වසරේ පළමු මධ්‍යම කාරක සභා රැස්වීම බවත් කී හිටපු ජනාධිපතිවරයා නව සන්ධානගතවීම් සිදුවුවහොත් සිදුවන්නේ ඉදිරි දේශපාලන පෙරලි සමඟ බව ද කීවේය.

Back to top button