ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිය පනත යටතේ නව ගැසට් නිවේදනයක් ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වන පරිදි නිකුත් කර තිබෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන විසින්.
නව ගැසට් නිවේදනය ප්‍රකාරව 2019 ඖෂධ නියෝග යටතේ ගැනෙන පරිදි මිල ඉහළ සීමා මෙමගින් තවදුරටත් සංශෝධනය වනු ඇති.
මෙම නියෝග පළ කර ඇත්තේ, එය ප්‍රකාශයට පත් කරන ලද දිනයේ සිට සංශෝධිත පරිදි 2019 මැයි මස 15 වැනි දින අංක 2123/35 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2019 ඖෂධ (මිල ඉහළ සීමා) නියෝගවල උපලේඛනයේ පස්වැනි තීරුවේ නිශ්චිතව දක්වා ඇති උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලක් වන යම් ප්‍රතිශෝධිත සිල්ලර මිලකට 2021 අගෝස්තු මස 19 වැනි දින අංක 2241/43 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගවලින් සංශෝධිත 2019 මැයි මස 15 වැනි දින අංක 2123/35 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2019 ඖෂධ (මිල ඉහළ සීමා) නියෝග යටතේ යම් උපල්ඛනගත ඖෂධයක් විකුණනු ලබන යම් නිෂ්පාදකයෙකු හෝ ආනයනකරුවෙකු විසින් එම ප්‍රතිශෝධිත සිල්ලර මිල සමානුපාතිකව සම්පූර්ණ වශයෙන් 40%ක අගයක් යටතේ වැඩි කිරීමට නව ගැසට්ටුව මගින් අවසර හිමිව තිබෙනවා.
එමෙන්ම විකිණීමේ කාර් යය සඳහා උපලේඛනගත ඖෂධ සන්තකයේ තබාගෙන සිටින සෑම වෙලෙන්ඳෙකු, බෙදාහරින්නෙකු, ඖෂධවේදියෙකු, වෛද්‍ය වෘත්තිකයෙකු,දන්ත වෛද්‍යවරයෙකු, පශු වෛද්‍යවරයෙකු, පෞද්ගලික වෛද්‍ය ආයතනයක් ඇතුළු වෛද්‍ය ආයතනයක්, ඔසුසලක් හෝ තැනැත්තකු විසින් උපලේඛනගත ඖෂධවල මිල, උපරිම සිල්ලර මිල හෝ ප්‍රතිශෝධිත සිල්ලර මිල යන දෙකෙන් වඩාත් අඩු මිලෙහි පවත්වාගෙන යා යුතු බව ද එම නිවේදනයේ සඳහන්.
මෙම ඖෂධ කාණ්ඩයට ගැනෙන ඇල්බෙන්ඩසෝල් හෙවත් පණු රෝගයට ලබාදෙන ඖෂධ, ඇමොක්සිලීන්, ක්ලැරිත්‍රෝමයිසීන්, ඇසිත්‍රෝමයිසීන්, සෙෆියුරොක්සිම් ආදී ප්‍රතිජීවක ඖෂධ ද, අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවට අයත් ඩොක්සිසයික්ලීන් හෙවත් ‘ලෙප්ටොස්ෆයිරෝසියාස්’ (මී උණ රෝගය), චිකන්පොක්ස් (පැපොල) රෝගය සඳහා ලබාදෙන ඇසික්ලොවීර් යන ඖෂධ ආදිය ඇතුළු තවත් ඖෂධ රැසක මිල ගණන් සංශෝධනයට ලක් වනු ඇති.
මෙම නව ඖෂධ මිල සංශෝධනය යටතේ ඖෂධ වර්ග 60ක මිල සියයට 40කින් ඉහළ යනු ඇති.
මේ අතර, තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ පෙර කළ සංශොධිත සහිතව 1925 අගෝස්තු 28 වැනි දින අංක 7481 දරන ගැසට් පත්‍රයේ පළ කරන ලද ධාන්‍ය ගබඩා කිරීම සම්බන්ධයෙන් වූ නව ගැස නිවේදනයක්.
ඒ අනුව ධාන්‍ය ගබඩා කිරීම සම්බන්ධයෙන් වන නියෝග හා අන්චිලෝස්ටෝමියාස් සම්බන්ධයෙන් වන නියෝග එහි 101 වැනි නියෝගය ඉවත් කිරීමෙන් තවදුරටත් සංශෝධනය කර බලාත්මක කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.