ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කොවිඩ් පැතිර යාමට සම්බන්ධ තොරතුරු නිරීක්ෂණයේ දී පළමු ආසාදිතයා හඳුනාගැනීමට සෞඛ්‍ය බලධාරීන් සමත්ව සිටිනවා.
ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට යළි පැමිණි සංචාරකයෙකුගෙන් මෙම කොවිඩ් පොකුර නිර්මාණය වී ඇති බවට තවුරුව ඇති බව ඔස්ට්‍රේලියාවේ මාධ්‍ය සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට ගිය සංචාරකයා මැයි 09 වන දින ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර දින 14කට පසු සුවය ලැබීමෙන් අනතුරුව මැයි 23 දා එම රෝගියා රෝහලින් පිටව ගොස් තිබෙනවා.
සිදු කරන ලද පරීක්ෂණවලදී ඔහුගේ ජානමය අනුක්‍රමය උතුරු මෙල්බර්න් ප්‍රාථමික පාසලේදී හඳුනාගත් පවුල් දෙකෙන් දෙවැන්නාට ගැලපෙන බව අනාවරණය වී තිබෙනවා.
කොවිඩ් පොකුරත් සමග සති දෙකකට ආසන්න කාලයක් මෙල්බරන් නුවර අඟුළු දමනු ලැබුවා.