මැණිකේ මගේ හිතේ.. ඉන්දීය දේශපාලනයට..

ශ්‍රී ලාංකික ගායිකා යොහානි ද සිල්වාගේ “මැණිකේ මගේ හිතේ” ගීතය දැන් ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය (BJP) විසින් උත්තර් ප්‍රදේශ් මැතිවරණයේ තේමා ගීතය ලෙස භාවිතා කර තිබේ.

උත්තර් ප්‍රදේශ් මැතිවරණය සඳහා පක්ෂයේ නවතම ඡන්ද ගීතයේ ‘Yehi Modi, Yogi, Upyogi, Upyogi…aayegi phir se BJP’ යන පද රචනය කර ඇත්තේ ඉදිරි ප්‍රාන්ත මැතිවරණයේ දී ඔවුන් ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ අගමැති මෝදි සහ මහ ඇමති යෝගිටයි, යන පණිවිඩය ඡන්දදායකයින් වෙත යොමු කිරීමටය.

“මැණිකේ මගේ හිතේ” සංගීතය පාදක කරගත් ආකර්ශනීය ලෙස සකසන ලද පද රචනයක් ලෙස මෙම ගීතයට දැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙමින් පවති.

ඉන්දියාවේ විශාලතම ප්‍රාන්තය උත්තර් ප්‍රදේශ් මැතිවරණය පෙබරවාරි 10 වැනිදා පැවැත්වේ.

Back to top button