ලාබ ලැබූ මිල්කෝ සමාගමේ සභාපති ඉවත් කර, රේණුක පෙරේරා පත් කරයි..

මිල්කෝ සමාගමේ සභාපති තනතුර සඳහා රේණුක පෙරේරා මහතා පත් කර ඇති බවට ලිපියක් නිකුත් කර ඇති බවත්, එම ධූරයෙන් තමාව අයින් කළ බවට මෙතෙක් දැනුම් දීමක් කර නොමැති බවත් මිල්කෝ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා පවසයි.

මෙහිදී වික්‍රමසිංහ මහතා පැවසුවේ වැසෙන්නට ගිය ආයතනයක් වසර දෙකක් තුළ ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට තමන්ට හැකිවුණු බවයි.

මමත් ඒක මාධ්‍යයෙන් තමයි දැක්කේ. මට එහෙම කිසිම දැනුම් දීමක් මේ දක්වා කරලා නැහැ. මටත් ආරංචි වුණා රේණුක පෙරේරා මහත්මයාට ලිපියක් නිකුත් කරලා තියෙනවා කියලා. එතුමත් අපේ හිතවතෙක්. එතුමා මෙතන්ට වැඩ භාර ගන්න එනකං අපි ඒ රාජකාරි ඉදිරියට කරගෙන යනවා.

අපි සංතෝෂ වෙනවා අපිට මිල්කෝ සමාගම තුළ, ජනාධිපතිතුමා භාර දුන්න වගකීම පහුගිය අවුරුදු දෙක තුළ නොපිරිහෙලා ඉටු කරන්න අපිට හැකියාව ලැබුණා.

මිල්කෝ ආයතනය වැහෙන්න ඔන්න මෙන්න තියෙද්දී ජනාධිපතිතුමාගේ වචනයෙන්ම කියනවා නම්, හැමෝම ලෙහෙසි ඒවා ඉල්ලනවා, අමාරු එකක් අරගෙන කරන්න කියන අභියෝගය තමයි අපිට භාර දුන්නේ.

අපි එම අභියෝගය භාරගෙන වසර දෙකක් ඇතුළත දී වැහෙන්න ගිය ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත්කරලා, පසුගිය අවුරුද්දෙත් මිලියන 400 ක් ලාභ ලබන ආයතනයක් බවට පත්වුණා. ඊට කලින් අවුරුද්දෙත් මිලියන 400 ක ලාභයක් ලැබුවා.

 

වීඩියෝව පහතින්..

https://www.facebook.com/watch/?v=466782105099539

Back to top button