හිටපු නීතිපති හා හිටපු අගවිනිසුරු මොහාන් පිරිස් ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව ගොනු කර ඇති නඩුවක් ඉල්ලා අස්කර ගන්නා බව එම කොමිෂන් සභාව අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.
මීට අදාළ නඩුව අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා හමුවේ කැදවු අවස්ථාවේ දී නඩුවට අදාළ තාක්ෂණික ගැටලු කිහිපයක් මත මෙම නඩුව පවත්වාගෙන යාමට බලාපොරොත්තු නොවන බව අල්ලස් කොමිෂන් සභාව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
.