නදීක කරුණානායකත් ස්වර්ණවාහිනියට සමුදෙයි..

“ආයුබෝවන් වෙලාව රාත්‍රී අටයි, සුපුරුදු පරිදි එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලයිව් ඇට් එයිට් සමගින්, මම නදීක කරුණානායක.”ඒ වචන ටික ඔබට හුරුපුරුදු ඇති. ඒ වගේම හැමෝම ප්‍රවෘත්ති බලනකොට මතක් වෙන්නේ ඔහුවයි. නදීක කරුණානායකව අපි අදුරගන්නේ ස්වර්ණවාහිනියේ අති දක්ෂ නිවේදකයෙක් විදියට.

පසුගිය දා ආසියාවේ දක්ෂතම ප්‍රවෘත්ති නිවේදකයා ලෙස ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබීමටද මේ දක්ෂ නිවේදන ශිල්පී නදීකට හැකියාව ලැබුණා.

ඉතින් ඒ 2020/2021 ආසියානු රූලා සම්මාන උළෙලෙහි ආසියාවේ කැපී පෙනෙන ප්‍රවෘත්ති නිවේදකයා ලෙස මෙරටට ගෞරවයක් ලබා දෙමින් ඔහුගේ නම අදාල සම්මානය වෙනුවෙන් ආසියා සම්මාන ජූරිය විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමඟයි.

ස්වර්ණවාහිනී ලයිව් ඇට් එයිට් ප්‍රවෘත්ති විකාශය වැඩිම කාලයක් ඉදිරිපත් කළ නිවේදකයා වන්නේත් නදීක කරුණානායක තමයි. ඔහුගේ ස්වර්ණවාහිනී නාලිකාවේ සේවා කාලය වසර දාහතක් වනවා.

එල්.ටී.ටී යු ද සමයේ උතුරේ සිදු කල මෙහෙයුම් රටටම පෙන්වීමට රණබිමෙන් අටට වැඩසටහන ඔස්සේ නදීක විශිෂ්ට මාධ්‍ය මෙහෙයුමක නිරත වී සිටියා. ජනප්‍රිය සහ විශිෂ්ටතම ප්‍රවෘත්ති නිවේදක සම්මානයන් අවස්ථා ගණනාවකදීම දිනා ගන්නට නදීකට අවස්ථාව උදා වුණා.

ඉතින් ඔහු නිල වශයෙන් ඊයේ දිනයේදී ස්වර්ණවාහිනී මාධ්‍ය නාලිකාවට සමුදී තිබෙන බව තමයි අපිට දැනගන්න ලැබුණේ.

Back to top button