කොවිඩ් – 19 ප්‍රතිශක්තිකරණ එන්නත්වලට ප්‍රතිරෝධයක් දක්වන තවත් නව කොරෝනා වෛරස විකෘති ප්‍රභේදයක් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.
මෙම විකෘතිය හැඳින්වෙන්නේ ‘Mu’ ( ඊ .1.621) යනුවෙනුයි.
මෙම කොරෝනා වෛරස විකෘති ප්‍රභේදය ප්‍රථම වරට හමුවේ ඇත්තේ ලතින් ඇමරිකා රටක් වන කොලොම්බියාවෙනුයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විමසිල්ලෙන් පසුවන වෛරස් විකෘති අතරට මෙම ප්‍රභේදය එක් කර ඇති අතර මෙය නිර්මාණය වී ඇත්තේ විකෘති වෛරස් ප්‍රභේද එකිනෙක එකතු වීමෙන් බවයි වෛද්‍ය පර්යේෂකයෝ පවසන්නේ.
මේ වන විට ඇල්ෆා විකෘතිය රටවල් 103කින් ද ඩෙල්ටා විකෘතිය රටවල් 170කින් ද හමුවී ඇති අතර ඊ 1.621 හමුවේ ඇත්තේ කොලොම්බියාව ඇතුළු ලතින් ඇමරිකා සහ යුරෝපා රටවල් 40 කින් පමණක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.