ලංකාවේ ඉදිකෙරුණු විශාලතම PCR මධ්‍යස්ථානයේ කටයුතු ඇරඹෙයි..

ලංකාවේ ඉදිකෙරුණු විශාලතම PCR පරීක්ෂණාගාරයේ පරීක්ෂණ කටයුතු ඊයේ (25) නිල වශයෙන් ආරම්භ කෙරුණි.

ඒ ඊයේ පස්වරු 6.30ට පමණ එමිරේට්ස් ගුවන්යානයකින් ඩුබායිහි සිට පැමිණි 53 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකරමින්ය.

කටුනායක 18කණුව ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම PCR පරීක්ෂණාගාරය පසුගිය 23වනදා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.

ගුවන්තොටුපොළ, ගුවන් සේවා සමාගම සහ පෞද්ගලික ආයතනයක් එක්වී අමෙරිකානු ඩොලර් මිලියන 5ක වියදමින් මෙය ඉදිකර තිබේ.

ඒ අනුව එන්නත් මාත්‍රා 2කම ලබාගෙන දින 14කට පසු මෙරටට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා පැය 3ක් වැනි කාලයකින් මෙහිදී PCR ප්‍රතිඵල ලබාගෙන නිවෙස් වෙත යාමට හැක.

Back to top button