කොවිඩ් පැතිරීම නිසා රජය ගත් නව තීන්දු..

මංගල උත්සව සඳහා සහභාගීකරවා ගත හැකි පිරිස තවදුරටත් සීමා කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

ඒ අනුව 500කට වැඩි ආරාධිතයින් ගණනකට රැස්විය හැකි උත්සව ශාලාවල පමණක් 150ක් දක්වා ආරාධිතයින් සංඛ්‍යාවක් රැස්කළ හැකි බවයි ඔහු සඳහන් කළේ.

උත්සව ශාලාවේ රැස්කළ හැකි පිරිස 500කට වඩා අඩුනම් සහභාගීවිය හැක්කේ උපරිම සිය දෙනෙකුට පමණයි‍.

මේ අතර අවමංගල්‍ය උත්සවයක් සඳහා එක්වරකට සහභාගී විය හැක්කේ 25කට වඩා අඩු පිරිසකට පමණක් බවද ඔහු සඳහන් කළා.

 

Back to top button