ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය සහාය ලබා ගැනීම සදහා වන නිල ලිපියට අස්සන් තැබීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
ඒ අනුව ඉකුත් බ්‍රහස්පතින්දා දිනයේදී මෙම අස්සන් තැබීම සිදු කොට ඇති බව පැවසේ.
මූල්‍ය අරමුදලේ නිලධාරීන් ලංකාවට පැමිණීමට ප්‍රථම වොෂිනටනයේ පිහිටි එම අරමුදලේ මූලස්ථනයේ නියෝජිතයන් ජනාධිපතිවරයා සමග සාකච්ජා කොට තිබූ අතර සිය නියෝජිතයන් ලංකාවට පැමිණීමට නම් ජනාධිපතිවරයාගේ ආරාධනාව වාචිකව අවශ්‍ය බව දැනුම් දී තිබිණ.
එම කිලධාරීන් ඉකුත් සදුදා දින ලංකාවට පැමිණියේ ජනාධිපතිවරයා විසින් එම ආරාධනාව සිදු කිරීමෙන් අනතුරුවය.
මාර්තු 20, 2022