ආණ්ඩුව ගිය වසරේ ‘ගුවනින්’ ඩොලර් 12000ක මල් දාලා..

ආගමික උත්සව සඳහා ගුවනින් මල් හෙළීමට රජය විසින් පසුගිය වසර තුළ බදු ගෙවන්නන්ගේ මුදල් රුපියල් මිලියන ගණනින් වියදම් කර ඇති බව වාර්තා වේ.

පුවත්පත් වාර්තාවලට අනුව එවැනි ගුවන් ගමනක් සඳහා පැයකට වැය වන මුදල ඩොලර් 2000ක් තරම් ඉහළ අගයක් ගත හැකියි.

“අපි භාවිතා කරන හෙලිකොප්ටර් වර්ගය අනුව වියදම තීරණය වෙනවා. බෙල් -412 හෙලිකොප්ටරයක් ​​පැයකට ක්‍රියාත්මක වීමට ඩොලර් 2,000ක් පමණ වැය වෙනවා. බෙල් -212 හෝ ජෙට් රේන්ජර් හෙලිකොප්ටරයක මිල අඩුයි,” යනුවෙන් බලධාරීන්ගේ ප්‍රකාශයක් ද උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර ඇත.

පසුගිය වසරේ ආගමික වතාවත් සඳහා ගුවනින් මල් හෙළීම සඳහා රජයේ දැනුම් දීමෙන් හෙලිකොප්ටර් ගුවන් ගමන් හයක් පමණ සිදු කර තිබේ.

බුද්ධශාසන අමාත්‍යාංශයෙන් මල් හෙළීමට අවශ්‍ය වියදම් ගෙවනු ලබන බවයි මාධ්‍ය සඳහන් කර ඇත්තේ.

Back to top button