විදුලිබල සැපයුම, රෝහල්වල සාත්තු නිවාසවල හෝ ඊට සමාන ආයතනවල රෝගී නඩත්තුව, පෝෂණය කිරීම රැක බලා ගැනීම යනාදී කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.
එම කටයුතු මහජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් බාධාවකින් තොරව පවත්වාගෙන යෑමේ අරමුණින් මෙම ගැසට් නිවේදනය නිකුත් කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
වැඩ වර්ජන හේතුවෙන් විදුලි බල සහ සෞඛ්‍ය ක්ෂේත්රවල කටයුතුවලට පසුගිය සතිය පුරා විවිධ බාධා එල්ල විය
ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් බවට සඳහන් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ අණ පරිදි , ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් මහතා විසින් එම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
2022.02.11 දින අංක 2266/55 අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව, ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව පහත සඳහන් සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත් කර තිබේ.
1 – විදුලි බල සැපයුම.
2 – රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළයුතු ඕනෑම විස්තරයක සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමය.