කෘෂිකර්ම අමාත්‍යංශයේ වැටමායිමේ ඇති කෝට්ටේ ඇළ රක්ෂිතය එළිපෙහෙළි කර පුද්ගලික ඉඩමකට යාම සඳහා මාර්ගයක් සැකසීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.
රජමල් වත්තට යාබද මෙම ඇළ රක්ෂිතය විනාශ කිරීමට අමාත්‍යංශ කිහිපයක නිලධාරීන් ,කඩුවෙල නගර සභාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මැදිහත්ව සිටින බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.
ඇළ රක්ෂිතය පුද්ගලික ඉඩමකට යාම සඳහා එළිපෙහෙළි කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇති අතර ගස් කපා දැමීම මේ වනවිට සිදු කරමින් සිටිනවා.
එමෙන්ම අද උදෑසන මෙම ස්ථානය එළිපෙහෙළි කිරීමට එරෙහිවූ අයෙකුට බැකෝ රියදුරෙක් මරණ තර්ජන කර ඇති අතර ඒ සම්බන්ධයෙන් තලංගම පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
පොදුජන පෙරමුණට බලය හිමි කෝට්ටේ නගර සභාව මෙම රක්ෂිතය විනාශ කිරීමේ කටයුතු සඳහා මැදිහත්ව සිටින අතර ඒ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් නොසතුට පළ කර තිබෙනවා.
මෙම රක්ෂිතය පිහිටා ඇත්තේ පොදුජන පෙරමුණු මුලස්ථානය වන නෙලුම් මාවත කාර්යාලයට මීටර් 200ක් පමණ දුරකිනුයි.