අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය තොරතුරු බෙදා හරින, ප්‍රකාශයට පත්කරන අය අත්අඩංගුවට ගැනීමට අද (07)සිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසිය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකය වෙත මෙම විමර්ශනය භාර දී ඇති බවත් එම නිලධාරීන් විසින් දැනටමත් මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.