ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මීරිගම කුරුණෑගල අධිවේගී මාර්ගය විවෘත කරනු ලැබූ අවස්ථාවට මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සහභාගී නොවීම සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන ක්ෂේත්රයේ විශාල කසුකුසුවක් මතුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පසුගිය සමයේදී ආණ්ඩුව දැඩිව විවේචනය කළ අතර පසුගිය දිනෙක ලිට්රෝ සභාපති තෙෂාර ජයසිංහ මහතාගේ ක්‍රියාකලාපයද දැඩිව විවේචනයට ලක් කිරීමට කටයුතු කොට තිබිණ.
ඒ අනුව අධිවේගය විවෘත කරන අවස්ථාවේදී ඒ සම්බන්ධ රාජ්‍ය අමාත්‍යවරයා වන නිමල් ලන්සා එම අවස්ථාවට සහභාගී නොවූ අතර අදාළ අවස්ථාවේදී ඒ මහතා කොළඹින් පිට සිට ඇති බව නිලනොවන ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම තත්ත්වය යටතේ නිමල් ලන්සා මහතාට කවුරුන් හෝ ප්‍රබලයකු විසින් මෙම අවස්ථාවට සහභාගී නොවන ලෙස දැනුම් දීමක් කර තිබුණේද යන්න පිළිබදව මේ වනවිට දේශපාලන ක්ෂේත්රයේ විශාල කසුකුසුවක් යන ආකාරයක්ද දැකගන්නට තිබේ