හම්බන්තොට වරායට ඇතුළු වූ, විකිරණශීලි ද්‍රව්‍ය රැගත් බවට වාර්තා වන චීන නොෟකාවකට මෙරටින් පිටවන ලෙස දැනුම් දී තිබෙන බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
ඊයේ (20) රාත්‍රියේ හම්බන්තොටට පැමිණ ඇති මෙම නෞකාව නෙදර්ලන්තයේ රොටඩෑම් සිට චීනය බලා යාත්‍රා කරන අතර ඇති වූ බව කියන යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් වරායට ඇතුළුවී ඇතැයි වාර්තා වනවා