කටුවාපිටිය ශාන්ත සෙබස්කතියන් මුනිදුන්ගේ දේවස්ථානයේ පාස්කුදා දේව මෙහෙය සිදුකරන අවස්ථාවේ එකවරම විශාල ශබ්දයක් සමඟ මුළු දේවස්ථානයම දුමෙන් වැසී ගිය බව පැවසු ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ දේව මෙහෙය පවත්වමින් සිටි ඇන්ටන් සුදර්ශන සමීර රොද්‍රිගු පියතුමා දැඩි හැඟුම්බරවීම හේතූවෙන් එම ප්‍රශ්නවලට පිළිතුරු දීමට නොහැකි විය.
මෙම සිදුවීමෙන් කීදෙනකු පමණ මියගියා ද යනුවෙන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන සිල්වා මහතා විමසු අවස්ථාවේදී එම සිද්ධිය යළි පියතුමාට මතක් නොකරන ලෙස විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේය.
විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අධිකරණය අමතමින් යම් පුද්ගලයකු අමතක කිරීමට උත්සහ කරන වේදනාත්මක සිද්ධීන් යළි මතක් කිරීමේ තේරුමක් නොමැති බව පෙන්වා දුන්නේය.
කතෝලිකයන්ගේ උතුම් මංගලයක් වන පාස්කුදා කතෝලික දේවස්ථාන ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කරන බවට පොලිසියේ හෝ කිසිම ආරක්ෂක අංශ නිලධාරියකු තමන්ට හෝ අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් උතුමාණන්ට දැනුම් නොදුන් බව අවධාරණය කළ ඇන්ටන් සුදර්ශන සමීර රොද්‍රිගු පියතුමා මෙම සිද්ධිය වන විට දේවස්ථානය තුළ බැතිිමතුන් 800ත් 1000ත් අතර පිරිසක්ද දේවස්ථානයෙන් පිටත තවත් පිරිසක්ද සිටි බව පැවසීය.
නීතීවිරෝධී නොකර හැරීම හේතූවෙන් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහි නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දුන් ඇන්ටන් සුදර්ශන සමීර රොද්‍රිගු පියතුමාගෙන් ඇසු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් එසේ පැවසීය.
නීතීවිරෝධී නොකර හැරීම හේතූවෙන් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුව, මහාධිකරණ විනිසුරුවරුන් වන නාමල් බලල්ලේ (සභාපති) ආදිත්‍ය පටබැඳි සහ මොහොමඞ් ඉර්ෂඞීන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ විභාග කෙරේ.