පාස්කු ප‍්‍රහාරයේ මහ මොළකරුවකු ඔස්ටේ‍්‍රලියාවේදී අල්ලයි..

පාස්කු පරහාරයේ තවත් මහමොළකරුවකු වූ ඔස්ටේරලියාවේ මෙල්බන් නුවර පදිංචි අහමඞ් ලූක්මාන් තාලිබ් වසර 2 යි මාස 2 කට පසු ඔස්ටේරලියානු ෆෙඩරල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
 
මෙල්බර්න්හි මැණික් ව්යාපාරයක් පවත්වාගෙන ගිය තාලිබ් අයිසිස් සහ අල්කයිදා සංවිධානවලට සහය වී ඇතැයි ඔස්ටේරලියානු විමර්ශකයන් විසින් සොයාගෙන තිබේ.
 
2010 වසරේදී මාවින් මර්මාරා නාමයෙන් ගාසා පරදේශයට සහනාධාර මුවාවෙන් අවි පරවාහනයේ යෙදී සිටි තාලිබ් ඊශරායල් කමාන්ඩෝ භටයන්ගේ වෙඩි පරහාරයකින් තුවාල ලබා ඇත. එහෙත් ශරී ලංකාවේ බුද්ධි අංශවලට එම තොරතුරු හෙළි වී නැත.
 
තාලිබ්ගේ අයිසිස් සබඳතා ගැන හෙළිකර ඇත්තේ ඔස්ටේරලියානු පොලිස් අත්අඩංගුවේ සිටින තවත් අයිසිස් කිරයාකාරියකු ලබාදුන් සාක්කි වලිනි.
 
ලූක්මාන් තාලිබ් නැමැත්තා ඔස්ටේරලියාවේදී අබ්දුල්ලා හෙවත් බ්ලූ අයිස් නැමැති අයිසිස් නායකයකු සමග ද රහස් සාකච්ඡුාවක් පවත්වා ඇතැයි පොලිස් පරීක්ෂකයන් සොයාගෙන ඇත.
 
මේ අතර ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ තාලිබ්ගේ මැණික් ව්යාපාරයෙන් ලැබෙන මුදල් අල්කයිඩා සංවිධානයේ කටයුතු සඳහා ලබාදී ඇති බවයි.
 
මොහුගේ නීතිවේදීන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ඔස්ටේරලියාවේ ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ඬේවිඞ් බොඞ්ඩයිස් විසින් පරතික්ෂේප කර ඇත.
 
මේ අතර අයිසිස් සංවිධානයට සහාය දීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටි තාලිබ්ගේ පියා වූ මහාචාර්ය තාලිබ්, කටාර් රජය විසින් ඔස්ටේරලියාවට පිටුවහල් කර තිබේ.
 

Back to top button