PCR වෙනුවට ගුටි බැට..

පුත්තලම මූලික රෝහලේ පී.සී.ආර්.පරීක්ෂණයට පැමිණි පිරිසක් හා රෝහල් ආරක්ෂකයින් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ 04 දෙනකු ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම පොලීසිය සඳහන් කරනවා

පුත්තලම මූලික රෝහලේදී රෝහල් ආරක්ෂක අංශය හා නොරොච්චෝලේ ලක් විජය තාප විදුලි බලාගාරයේ සේවය කරන සේවකයින් කිහිප දෙනෙක් අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් මේ ගැටුම හට ගෙන තිබෙන බවයි මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙන්නේ.

ගැටුමට සම්බන්ධ බව කියන පුද්ගලයන් දෙදෙනකු පුත්තලම පොලීසියේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනාද තුවාල ලබා ඇති නිසා පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා

පහර කෑමට ලක්වූ රෝහල් ආරක්ෂක අංශයේ නිළධාරින් දෙදෙනකුද දැනට පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

Back to top button