චීනයේ ප්‍රදානයක් ලෙස ඉදිවූ ජාතික වකුගඩු රෝහල හෙට ජනතා අයිතියට..

හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ චීන සංචාරය තුළදී චීන ජනපති ෂී ජින්පිං මහතා ලබාදුන් පොරොන්දුවක් අනුව චීනයේ පූර්ණ ප්රදානයක් ලෙස පොලොන්නරුවේදී ඉදිවූ ජාතික වකුගඩු රෝහල හෙට (11) ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.
 
එම රෝහල සඳහා වැයකර ඇති මුදල රුපියල් බිලියන 12කි.
 
නවීනතම උපකරණ වලින් සමන්විත ලංකාවේ ඉදිවී තිබෙන නවීනතම අධිතාක්ෂණික රෝහල වන්නේ පොළොන්නරුවේ ඉදිවූ මෙම වකුගඩු රෝහලයි.
 
චීන – ශ්රී ලංකා ජාතික වෘක්කවේද රෝහල ලෙසින් නම්කර ඇති මෙම රෝහල දකුණු ආසියාවේ ඇති විශාලතම වකුගඩු රෝහලද වෙයි.
 
නේවාසිකව එකවර රෝගීන් 200ක් ප්රතිකාර ලබාගත හැකි අතර එක් අවස්ථාවකදී රුධිර කාන්දුකරණය සිදුකළ හැකි රෝගීන් ප්රමාණය 100ක් වේ.
 
දැඩි සත්කාර ඒකක 02 ක් ශල්යාගාර 05ක් සමග සම්මන්ත්රණ ශාලා මෙන්ම වෛද්යවරුන්ට හෙද හෙදියන් නේවාසිකාගාර වලින්ද සමන්විත වේ.

Back to top button