මහ පාරේදි ලොරි රියැදුරෙකුට පහර දුන් කොස්තාපල් රිමාන්ඩ්..

පන්නිපිටියේදී ලොරි රථ රියැදුරෙකුට පහරදුන් පොලිස් කොස්තාපල්වරයා ලබන 05 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔහු අද නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ලොරි රථ රියැදුරා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙසට ද නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේ ය.

මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, ලොරි රථ රියැදුරාගේ රියැදුරු බලපත්‍රය ද අත්හිටුවන ලෙසයි.

එම පොලිස් කොස්තාපල්වරයාගේ සේවය මේ වනවිට අත්හිටුවා තිබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button