කොළඹ වරාය හරහා පෝට් සිටි වෙත ප්‍රවේශ මාර්ගයක් සකස් කරමින් සිටින චීන සමාගමක සේවකයන් විසින් ජාතික ජලසම්පාදන මණ්ඩලයට අයත් නළ මාර්ගයකින් වංචනිකව ජලය ලබාගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා.
මේ බව හෙළිව ඇත්තේ එම සමාගමේ සේවකයන් වරායේ නැගෙනහිර පර්යන්තය දෙසින් නීති විරෝධි ආකාරයට වැළි වළක් කපා ඉන් වැලි ගැනීමක් පිළිබදව ආරම්භ කර ඇති විමර්ශනයකදීයි.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේදී නීති විරෝධී අයුරින් නළ භාවිත කොට හොරෙන් ජලය ලබා ගන්නා ආකාරය බලධාරීන්ට නිරීක්ෂණය වී තිබෙනවා.
ඒ අනුව මේ වනවිට අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට ඇති බවක්ද වාර්තා වනවා.